Bodhiwanaya
  • Home
  • Timetable
  • Teachings
    • Media>
      • Audio
      • Vidio
    • Writings
    • Dhamma Quotes
  • eBooks
  • Photos
  • About Centre
    • History
    • Teacher
    • Management Committee
  • Events
  • Contact Us
  • F.A.Q.'s
Picture
පණ්ඩිත පුජ්‍ය මිස්සක කමලසිරි හිමි.

පුජ්‍ය මිස්සක කමලසිරි ස්වාමින් වහන්සේ ,ශ්‍රී ලංකාවේ උතුරු මැද තැනිතලාවේ ඓතිහාසික මිහින්තලයේ දී උපත ලදහ.1984 වන වසරෙ දි උන්වහන්සේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහ නා  හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිද්ද ලදහ. උඩුනුවර වේගිරිකන්ද භාවනා මද්ධ්‍යස්ථානයේ දී ,සහ පේරාදෙණිය ඥාණාලංකාර භික්ෂු පුහුණු ආයතනයේ දී  මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ මහනුවර සංඝරාජ පිරිවේණස්ථානයෙන් හා කොළඹ  විද්‍යොදය විශ්ව විද්‍යාල පරිවේණස්ථානයෙන් උසස් අධ්‍යාපනය ලදහ. 

මිස්සක කමලසිරි හිමියන් පැවිදි වු මුල් අවධියේ සිටම භාවනාව පිළිබදව ලැදියාවකින්  යුතුව පුහුණුවීම් කටයුතු කරන ලදී. භාවනාව සම්බන්ධව උන්වහන්සේගේ කර්මස්ථානාචාර්ය වරයාණන් වුයේ ද ආනන්ද මෛත්‍රේය මහා නාහිමියන්ය. උන්වහන්සේ ගේ භාවනා පුහුණුව සදහා සු‍විශේෂී උපකාරකයෙකු වුයේ කල්‍යාණ මිත්‍ර ගොඩ්වින් සමරරත්න මහත්මාය.උපුල් නිශාන්ත ගමගේ මහත්මා කල්‍යාණ මිත්‍රයෙකු විය.
පසු කලෙක උන්වහන්සේ භාවනා සම්ප්‍රදායයන් පිළිබදව  දීර්ඝ ගවේෂණයක නියුතුවූහ. ථේරවාදී සම්ප්‍රදායේ එන විවිධ භාවනා ක්‍රම  පිළිබදව හැදෑරු උන්වහන්සේ සෙන් සහා වජ්‍රයාන භාවනා ක්‍රම ගැන ද  හදාරණ ලදහ. එහි දී උන්වහන්සේ විශේෂ අවධානයක් යොමුකළේ හිමාලීය භාවනා සම්ප්‍රදායයන් වෙතයි. ඒ නිසාම  උන්වහන්සේ වසර ගණනාවක් හිමාලයේ සංචාරයක නියුතු වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මිහිදුගිරෙන් හිමගිරට  නම් වු කෘතිය උන්වහන්සේ අතින් ලියැවිණි. හිමාලයේ ශිවානන්ද ආශ්‍රමයේ දී හඨයෝග පිළිබදව පුහුණුවක් ලද  කමලසිරි හිමියන් මහාබාලිපුරම් හි දී සාධනා භාවනා ක්‍රම පුහුණු විය. වරෙක උන්වහන්සේ හිමාලයේ යෙල්මෝ කදුවැටියේ , මහායෝගී මිලාරේපා තුමන් විසූ ගල්ලෙනේ සහ ධර්මශාලා හි තුෂිත භාවනා මධ්‍යස්ථානයේ භාවනා යෝගීව ගතකළහ.

විවිධ භාවනා ක්‍රම  පිළිබදව ප්‍රායෝගික වැටහීමක් තිබෙන උන්වහන්සේ වඩාත් ලැදියාවක් දක්වන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමයටයි. එය මිනිසාගේ දුක්දොම්නස් අවසන් කිරීමට, පවිත්‍රභාවයට, ඤාණයේ වැඩිදියුණුව ට සහ නිවීමට  හේතුවන ක්‍රමවේදය බව උන්වහන්සේ ගේ අදහසයි.  අනාගත ලෝකයේ මිනිසා හමුවේ ඇති මූලික අභියෝගයන්ට උත්තර සොයා යාමේ දී  මෙම පුහුණු වටිනා මෙහෙවරක් ඉටුකරනු ඇතැයි උන්වහන්සේ ගේ විශ්වාසයයි.


Venerable Missaka Kamalasiri

Bhante Missaka Kamalasiri is a guided meditation teacher, primarily focusing on Vippassana techniques sourced from the Buddhist Sutras. He believes this path will arm every sentient being against life’s different challenges.

In 1970, Bhante Missaka Kamalasiri was born in Mihintale, Sri Lanka, near the site where the Buddhist monk Mahinda and King Devanampiyatissa inaugurated the presence of Buddhism on this small island nation.

He has held a special interest in meditation since childhood. He started his practice under the guidance of Venerable Ananda Maitriya Maha Nayaka Thero. While there, he also received guidance from the renowned dhamma teacher, Godwin Samararathne.

When he was only 14-years-old, Bhante received his novice ordination from his teacher, Balangoda Anandamaitrie, a well-known Sri Lankan Buddhist monk, who many considered a Bodhisattva. From there, he continued his training and education at the Vegirikanda 
Meditation Center and  Gnanalankara  Bhikkhu training centre  in Peradeniya. He earned his higher education at the Sangaraja Monks Training School in Kandy and Vidyodaya, Colombo.      

 For three years, Bhante Kamalasiri lived in the Himalayan Mountains, researching Zen and Theravada meditation techniques. He visited the Shivananda Ashram numerous times. Accounts of those visits were documented in a Sinhala language book titled, Mihidugiren Himagirata.

For a while, he practiced meditation in the caves of the Yelmo Mountains, where the Tibetan saint, Yogi Milarepa, once practiced. Bhante also spent some time at the Tusita Meditation Center.    

© 2013 bodhiwanaya.org
HOME   TIMETABLE   MEDIA   EBOOKS   PHOTOS   ABOUT   TEACHER   EVENTS   FAQS   CONTACT